මී මුරේ දිය නෑමට ගිය පුද්ගලයෙක් අතුරුදහන්

ඊයේ (14) සවස් කාලයේදී මීමුරේ ප්‍රදේශයේ දිය නෑමට ගිය මහියංගනය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇති බව උඩුදුම්බර පොලිසිය සඳහන් කරයි.
සූරියඅරණ ගඟේ දිය නෑමට ගිය පිරිසක් අතරින් මෙලෙස එක් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන් වී ඇති බවට උඩුදුම්බර පොලිස් ස්ථානය වෙත කරන ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
පොලීසිය, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ පුද්ගලයා සෙවීමේ කටයුතුවල නිරතව සිටින අතර උඩුදුම්බර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
273 Views
Comments