සිවලිංගම් අරූරන් නිදොස් කොට නිදහස් කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

සිවලිංගම් අරූරන් නිදොස් කොට නිදහස් කරයි

සිවලිංගම් අරූරන් නිදොස් කොට නිදහස් කරයි

2006 වසරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධූරය හෙබවූ සමයේදී ඔහුට පිත්තල හන්දියේදී එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ සැකකරුවෙක් ලෙස සිවලිංගම් අරූරන් බන්ධනාගාර ගත විය.

 

ජීවිතයේ වටිනාම කාලයෙන් වසර 14 ක් බන්ධනාගාරයක රැඳවුම් නියෝග මත රඳවා සිටි සිවලිංගම් ආරූරන් ඔහුට එරෙහිව නගා තිබූ සියළු චෝදනවන්ගෙන් නිදොස් කොට මේ වන විට නිදහස් කර තිබේ.

 

සාක්ෂි නොමැති හෙයින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරන බවත් පුද්ගලයින්ගේ තරාතිරම නොබලා තමන්ගේ අධිකරණ තීන්දු ලබා දෙන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ සිය තීන්දුව ප්‍රකාශ කළේය.

 

2009 වසරේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රැඳවුම් භාරයට ගෙන නව මැගසින් බන්ධනාගාරයේ වසර 14 කට අධික කාලයක් රඳවා සිටියේය.

 

විත්තිකරුට එරෙහිව අධිචෝදනා හයක් ඉදිරිපත්ව තිබිණි.

 

විත්තිකරු හිටපු නියෝජ්‍ය පොලිස්පති සිසිල් ද සිල්වා ඉදිරියේ කරන ලද ප්‍රකාශයක් නඩුවේ සාක්ෂියක් ලෙස පිළිගන්නා ලෙසට නීතිපතිවරයා කරන ලද ඉල්ලීමක් පසුගිය නඩුවාරයේදී ප්‍රතික්ෂේප විය.

 

මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ පැවසූයේ විත්තිකරු සහකාර පොලිස් අධිකාරීවරයාට ලබාදුන් පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් සිදුකරන ලද්දක් නොව අධිකරණය විසින් තීන්දු කළ එකක් බවයි.

 

 

views

211 Views

Comments

arrow-up