ගම්පහෙන් සතියකට ඩෙංගු රෝගීන් 400ක්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් සතියකට වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 400ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය සඳහන් කරයි.
එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයෙන් සතියකට වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 100කි.
වසරේ ගතවූ කාල සීමාව තුළ ළමුන් දෙදෙනෙකු ඇතුළුව ඩෙංගු උණ වැළඳීමෙන් මියගිය සංඛ්‍යාව 22 ක් බව නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.
මේ අතර දිවයින පුරා පිහිටා ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 370 අතරින් 17% ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේය.
204 Views
Comments