නුවරඑළියේ පුද්ගලයෙක් අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
22

නුවරඑළියේ පුද්ගලයෙක් අතුරුදන්

නුවරඑළියේ පුද්ගලයෙක් අතුරුදන්

නුවරඑළිය පොලිස් වසමේ හාවාඑළිය ගාඩ් වත්ත රක්ෂිතයට දර සෙවීමට ගිය පුද්ගලයෙක් නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් නුවරඑළිය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශනක් ආරම්භ කළ බව පොලීසිය පවසයි.

 

මෙලෙස අතුරුදන්ව ඇත්තේ අවුරුදු 49ක් වූ එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

ඊයේ (21) නුවරඑළිය පොලීසියේ නිලධාරීන්, යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව එම පුද්ගලයාව සොයා රක්ෂිතය තුළ මෙහෙයුම් දියත් කර ඇති අතර එහිදී රක්ෂිතය මැද තිබී අතුරුදන් වූ පුද්ගලයාගේ යැයි සැකකරනු ලබන පාවහන් යුගලක් හා කබායක් හමු වී තිබේ.

 

අතුරුදන් වූ පුද්ගලයා මෙතෙක් හමුවී නොමැති අතර, නිල සුනඛයින් යොදා ගනිමින් තවදුරටත් සෝදිසි මෙහෙයුම් සිදු කරන බව පොලීසිය පවසයි. 

views

251 Views

Comments

arrow-up