මුදල් විශුද්ධිකරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
04

 මුදල් විශුද්ධිකරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවයි

 මුදල් විශුද්ධිකරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන ජාතික නීතිඥ සමුළුවේ දෙවන දිනයට ඊයේ (03) එක් වෙමින් පැවසුවේ මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බවයි.

 

 

 

රටේ ව්‍යාපාර කිරීමේ පහසුව ව්‍යාපාර ශ්‍රේණිගත කිරීම සහ විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමේ හැකියාව කෙරෙහි එය සෘජුවම බලපාන බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

 

 

ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය යොමු කළේ මුදල් විශුද්ධිකරණයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව පවතින නීති රාමුවේ ඇති හිඩැස් කඩිනමින් හඳුනා ගැනීමේ වැදගත්කම පිළිබඳවයි.

 

 

views

240 Views

Comments

arrow-up