බදු කටයුතු සඳහා වෙනම අධිකරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

බදු කටයුතු සඳහා වෙනම අධිකරණයක්

බදු කටයුතු සඳහා වෙනම අධිකරණයක්

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ දැනට බදු අයකර ගැනීමේදී පවතිව දුර්වලතා සහ අඩුපාඩු කඩිනමින් සකසා බදු ගෙවීම ක්‍රමානුකූල කිරීම සඳහා නව වැඩපිලිවෙලක් සකසා ඇති බවයි.

 

 

අද උදෑසන රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ලබන සතියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත එම නව වැඩපිලිවෙල ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

 

 

බදු ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා වසර ගණනාවක සිට බාධා එල්ල වෙමින් පවතින රැමිෂ් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම තුළින් විද්‍යුත් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන ලදී.

 

 

අමාත්‍යවරයා තව දුරටත් සඳහන් කළේ බදු කටයුතු සඳහා  පවතින නීතිමය කටයුතු සඳහා වෙනම අධිකරණයක් නොතිබීම හේතුවෙන් විශාල ප්‍රමාදයක් පවතින බැවින් බදු කටයුතු සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීමට යෝජනා කර ඇති බවයි.

 

 

views

254 Views

Comments

arrow-up