සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් බඳවා ගැනීමට පියවර

ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියෙන් (PSSP) මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීමට තවත් සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් බඳවා ගැනීමට මුදල් වෙන් කර තිබෙන බව සඳහන් වේ.
පුහුණුවන කාල සීමාව තුල එම සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන්ගේ පුහුණු දීමනාව ගෙවීමට එම මුදල් ලබාදෙන බව සඳහන්ය.
ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘතියෙන් (PSSP) බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ,වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පැවසුවේ දැනටමත් පුහුණු මධ්‍යස්ථානවල පුහුණු වෙමින් සිටින එම සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීන් දහසක් (1000) වෙනුවෙන් පුහුණුවන කාල සීමාවේදී එම දීමනාව ලබා දෙන බවයි.
සිය ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා නැංවීම වෙනුවෙන් තවත් වැඩසටහන් ගණනාවකටම සහාය දක්වන බවද ඒ මහතා සඳහන් කළේය.
දිවයිනට පැමිණ සිටින ලෝක බැංකු විශේෂ නියෝජිත කණ්ඩායම සමග සෞඛ්‍ය අමාත්‍යාංශයේදී වැඩබලන සෞඛ්‍ය ලේකම් ගීතාමනී සී කරුණාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී ඔහු ඒ බව සඳහන් කළේය.
216 Views
Comments