ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් 'හතේ අපේ පොත' නැවතත්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
28

ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් 'හතේ අපේ පොත' නැවතත්

ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් 'හතේ අපේ පොත' නැවතත්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ සෞඛ්‍ය සන්නිවේදන සහ ජීවන නිපුණතා ඒකකය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වී සකස් කළ ‘හතේ අපේ පොත’ නැවත පාසල් දරුවන්ට ලබා දීමට තීරණය කර ඇත.


එමෙන්ම අලුත විවාහ වන අයටද එය ලබා දීමට තීරණය කර තිබේ.



දරුවන් සේ ම මවුපියන් ද ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් දැනුවත් වීමේ වැදගත්කම පදනම් කරගෙන මෙම තීරණය ගෙන ඇත.



පවුල් සෞඛ්‍ය සේවා කාර්යාල හරහා එකී පොත බෙදාහැරීම සහ දැනුවත් කිරීම් සිදුකිරීම ට බලාපොරොත්තු වේ.



පාසල් සිසු සිසුවියන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙන් සකස් කළ මෙම කෘතිය සමාජයේ ආගමික කණ්ඩායම් වලින් එල්ල වූ විරෝධය මත බෙදා හැරීම අත්හිටුවනු ලැබිණි.
 

views

349 Views

Comments

arrow-up