ගිනි අවියක් සහ ජීව උණ්ඩ අටක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

දෙමටගොඩ කැටවර මුල්ල ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ස්වයංක්‍රීය පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ ජීව උණ්ඩ අටක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලීසිය පවසයි.
දෙමටගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතාට ලද තොරතුරක් අනුව සැකකරු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පුද්ගලයකු ගිනි අවියක් විකිණීම සඳහා ගැනුම්කරු වෙකු සොයන බවට ලද තොරතුරකට අනුව විමර්ශන කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව එම සැකකරු අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගිනි අවිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමේ දී එය බත්තරමුල්ල තම්ස් සහෝදරියගේ ඉඳිකරමින් පවතින දෙමහල් නිවසේ උඩුමහලේ සඟවා ඇති බවට තොරතුරු අනාවරණය විය.
අනතුරුව සැකකරු සමඟ එහි ගිය පොලිස් කණ්ඩායමක් විසින් ගිනි අවිය සොයා ගත් බව පොලීසිය පවසයි.
බොරැල්ලෙ ව්‍යාපාරික නිවසක මිට මාස 3 කට පමණ ඉහතදී කුළී වැඩ වල නිරත වෙමින් සිටියදී එහි තිබී ගිනි අවිය සැකකරු විසින් සොරාගත් බවට අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
මෙම ගිනි අවියට බලපත්‍ර තිබෙන බවත් යාපාරිකයා ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසියේ ද පැමිණිල්ලක් සිදුකර ඇති බවත් සදහන් වේ.
30 හැවිරිදි සැකකරු අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
259 Views
Comments