JUN
18
පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ජනාධිපති කාර්යාලයේ දී

ශ්‍රී ලංකාවේ පස්වැනි යොවුන් පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඊයේ (17) සහ අද (18) ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. යොවුන් පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරුන් නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් 131 දෙනෙකු මංගල සැසිවාරයට සහභාගි වූ බව සඳහන්.
පස්වැනි යොවුන් පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ කරමින් පිළිගැනීමේ කතාව කළේ අගමැති පැතුම් රණසිංහය.
යෝජිත යොවුන් පාර්ලිමේන්තු පනත විවාදයට ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
273 Views
Comments