JUN
25
නීතිවිරෝධී මත්පැන් තොගයක් සමග සැකකාරියක් අත්අඩංගුවට

නීතිවිරෝධී මත්පැන් තොගයක් සමග සැකකාරියක් මොරටුව කටුබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මොරටුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම වැටලීම සිදුකර ඇති අතර සැකකාරිය සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් ලීටර් 37ක් සොයා ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 54 හැවිරිදි කුරණ හඳපාන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.
ජූලි මස 04 වනදා මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දීමෙන් අනතුරුව සැකකාරිය පොලිස් ඇප මත මුදාහැරි තිබේ.
271 Views
Comments