ශ්‍රවණ හා කථන ඌණතා සහිත දරුවන්ට ශිෂ්‍යාධාර

දිවයින පුරා විසිරි සිටින ශ්‍රවණ හා කථන ඌණතා සහිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උපකරණ මෙන්ම මුල්‍යාධාර ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාවට නංවා ඇත.
කථන ඌණතා සහිත දරුවන් ඉගෙනුම ලබන පාසල් සහ අධ්‍යාපන ආයතන වලට අවශ්‍ය පොත් පත් හා උපකරණ මෙන්ම මුල්‍යාධාර ලබාදීම මෙම වැඩසටහන යටතේ සිදුවේ. ජපානයේ ශ්‍රී ලංකා පදනම මෙහෙයවීමෙන් මෙම වැඩසටහන ක්‍රියාවට නංවා ඇත.
එහි පළමු අදියර වෙන්නප්පුව වයික්කාල දොන් සෙවරිනෝ හාබ්රියානි ශ්‍රවණ හා කථන උණතා ආයතනයෙන් ආරම්භ කෙරුණි.
සිසු සිසුවියන් 275 දෙනෙකුට අධ්‍යාපන කටයුතු සදහා රුපියල් 2,500 බැගින් මුල්‍යාධාර ලබාදීම මෙහිදී සිදු විය.
345 Views
Comments