ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙනවා - චීනයෙන් යළිත් සහතිකයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
26

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙනවා - චීනයෙන් යළිත් සහතිකයක්

ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙනවා - චීනයෙන් යළිත් සහතිකයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජීය සංවර්ධනයට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා අඛණ්ඩව සහය දෙන බව චීනය පවසයි. 

 

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා සමඟ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී චීන විදේශ අමාත්‍ය කුඉන් ගැන්ග් මහතා ඒ බව සඳහන් කළේය.

 

ශ්‍රී ලංකාවට හැකි උපරිමයෙන් සහය දක්වන බවත් සහයෝගීතාව පිළිබඳ ආදර්ශයක් සපයමින් චීනය කටයුතු කරන බවත් චීන විදේශ අමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබුණි.

 

පසුගිය සෙනසුරා බීජිං නුවර බලා පිටත්ව ගිය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ චීන සංචාරය ලබන සිකුරාදායින් අවසන් වීමට නියමිත අතර විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලෝක ආර්ථික සමුළුවටද සහභාගී වීමට නියමිතය.

views

252 Views

Comments

arrow-up