මාස 6කින් විදුලි බිලට සහනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
19

මාස 6කින් විදුලි බිලට සහනයක්

මාස 6කින් විදුලි බිලට සහනයක්

ලබන වසරේ ජනවාරි මාසයේදී විශේෂ විදුලි ගාස්තු සහනයක් ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ කංචන විජේසේකර මහතා පවසයි.

 

 

“රටේ තිබෙන අමාරුකම මම පිළිගන්නවා.විදුලි බිල වැඩියි.ඉන්ධන මිල වැඩියි. මම කියනවා ජනවාරි 1 වනදා විදුලි සංශෝධනය වෙනුවෙන් නොවැම්බර් මාසයේ යෝජනාව දෙන්න.දැන් ජූලි සංශෝධනයෙන් යම් ප්‍රමාණයක් අඩුවෙනවා.විදුලි ඒකක 0 - 30, 30 - 60, සහ 60 - 90 භාවිතා කරන පිරිසට විදුලි බිල 27% කින් අඩු කිරීමට අපි යෝජනා කර ඇත. ජනවාරි මාසයේ දී මේ යන වැඩපිළිවෙල ගෙනියලා මීට වඩා දැනෙන සහනයක් විදුලිබිල වෙනුවෙන් ලබාදෙන්න කටයුතු කරනවා."

views

288 Views

Comments

arrow-up