බොරැල්ලේ විශේෂ මෙහෙයුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
12

බොරැල්ලේ විශේෂ මෙහෙයුමක්

බොරැල්ලේ විශේෂ මෙහෙයුමක්

බොරැල්ල පොලිස් බල ප්‍රදේශයේ සිදුකළ සුවිශේෂී සෝදිසි මෙහෙයුමකින් පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (11) ක්‍රියාත්මක වූ මෙම ක්‍රියාවලියට පොලිසිය, පොලිස් විශේෂ බළකාය සහ යුද හමුදා නිලධාරීන්ගේ සහයෝගිතාවයෙන් සිදු විය.

 

 

මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 05යි මිලිග්‍රෑම් 350ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඊට අමතරව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 15 ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු සොයා ගෙන තිබෙනවා. මීට අමතරව, ගංජා ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 35 ක් සමඟ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

 

එක් සැකකරුවෙකුගෙන් හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් 26,75,440ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, තවත් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 2,15,000ක් සමඟ සොයා ගෙන ඇත.

 

 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (12) අලුත්කඩේ සහ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

258 Views

Comments

arrow-up