අළුත විවාහ වූ යුවලට මරු කැඳ වූ මංගල රාත්‍රිය

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රදේශයේ විවාහක යුවලක් මරණයට පත් කරමින් විවාහ මංගල රාත්‍රියේම සැක කටයුතු සිදුවීමක් සිදුව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 22 හැවිරිදි ප්‍රතාප් යාදව් සහ 20 හැවිරිදි පුෂ්පා දේවි යුවළ පසුගිය 30 වැනිදා විවාහ වී ප්‍රතාප් යාදව්ගේ නිවසේ රැඳී සිටියහ.
පසුදා උදෑසන ඥාතීන්, ඔවුන්ගෙන් ප්‍රතිචාරයක් නොදැක්වූ විට කාමරයට ඇතුළු වීමට දොර කඩා ඇත. කාමරය තුළදී දෙදෙනාම මියගොස් ඇති බව අනාවරණය විය.
ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොලැබීම හේතුවෙන් මෙම යුවළට හුස්ම ගැනීමේ අපහසුතාවයක් හටගෙන ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස මාරාන්තික හෘදයාබාධයක් හටගෙන ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මරණයට හේතුව අනාවරණය කර ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. අඹුසැමි යුවළ නැවතී සිටි ස්ථානයේ අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා ඇති අතර, ඔවුන් ලබා ගත් ආහාර සම්බන්ධයෙන් ද ප්‍රදේශයේ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
451 Views
Comments