දෙමහල් නිවසක කාමරයක් තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
29

දෙමහල් නිවසක කාමරයක් තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක්

දෙමහල් නිවසක කාමරයක් තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක්

පානදුර දකුණ පොලීසිය විසින්  පානදුර වෑකඩ පහන්ගම ප්‍රදේශයේ දෙමහල් නිවසක කාමරයක් තුළ සැකකටයුතු ලෙස මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

 

 

මෙම මියගොස් සිටි පුද්ගලයා මෙම දෙමහල් නිවසේ ඉහළ මාලයේ කාමරයක් කුලීයට ගෙන නේවාසිකව සිට ඇති බව වාර්තා වේ.

 

 

පානදුර දකුණ පොලීසිය විසින් මෙම නිවස සෝදිසි කර තිබෙන්නේ අදාළ පුද්ගලයා සිටි කාමරයෙන් දැඩි දුඟදක් වහනය වන බවට ලද පැමිණිල්ලක් මතයි.

 

 

අද (29) පස්වරුවේ මෙම මළ සිරුර පොලීසිය විසින් සොයාගෙන ඇති අතර ඔහු හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිද පුද්ගලයෙකු බව සඳහන් වේ.

 

 

එම නිවසේ හිමිකරු අදාළ දෙමහල් නිවසේ පහළ මාලයේ සිට ඇති අතර එම මරණය සම්බන්ධයෙන් අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකරන බව පානදුර දකුණ පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

 

views

284 Views

Comments

arrow-up