නිදන් හෑරු හයක් අත්අඩංගුවට

පොල්පිටිය පොලිස් වසමට අයත් රඹුක්කන්ඔය ලීකියනගෙදර ප්‍රදේශයේ නිධානයක් ගොඩගැනිමට උත්සහ කරමින් සිටි සැකකරුවන් හය දෙනෙකු අද (22) අලුයම පොල්පිටිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව හැටන් පොලිස් අධිකාරි දෙහිගම මහතා පැවසිය.
නිධානයක් ගොඩගැනිමට පිරිසක් උත්සහ දරණ බවට පොල්පිටිය පොලිසියට ලද තොරතුරක් මත මෙම වැටලිම සිදු කර ඇති අතර සැකකරුවන් සන්තකයේ තිබි යකඩ කූරු, ගැස් උපකරණයක්, රසායනික ද්‍රව්‍ය ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් බිංගිරිය, කුරුණැගල, අගුරුවැල්ල සහ නෝටන්බ්‍රිජ් ප්‍රදේශවල පදිංචිකරුවන් බවත්, එම සැකකරුවන් අවු 30-35 අතර වයස් කාණ්ඩ වල පසුවන අය බවත් පොලිසිය පැවසිය.
184 Views
Comments