ඇස් සැත්කමට දුන් එන්නතින් ඇස් අන්ධ වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
15

ඇස් සැත්කමට දුන් එන්නතින් ඇස් අන්ධ වෙයි

ඇස් සැත්කමට දුන් එන්නතින් ඇස් අන්ධ වෙයි

නුවරඑළිය මහ රෝහලේදී පසුගිය අප්‍රේල් 05 වැනිදාට පසුව සිදුකළ අක්ෂි සැත්කම්වලින් පසු රෝගීන් 10 දෙනෙකුගේ ඇස් පෙනීම දුර්වලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යාංශයට උපදෙස් ලබාදී තිබේ.

 

 

නුවරඑළිය මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේන්ද්‍ර සෙනවිරත්න මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාවෙන් ආනයනය කළ ඖෂධයක තිබූ විෂබීජ නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වූ බවයි.

 

 

අක්ෂි සැත්කම්වලට ලක්ව නිවෙස්වලට ගොස් දින කිහිපයකට පසු රෝගීන්ගේ පෙනීම සම්පූර්ණයෙන්ම නැතිවී ගිය බව රෝගීන්ගේ ඥාතීන් පවසයි.

 

 

එම රෝගීන් නැවත රෝහල්ගත කර ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පසු  පෙනීම ක්‍රමයෙන් ලැබෙමින් පවතින බව වාර්තා වේ.

 

views

267 Views

Comments

arrow-up