පාර්ලිමේන්තුව අද රැස් වෙයි

පාර්ලිමේන්තුව අද (09) පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත බව වාර්තා වේ.
වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වලින් අනතුරුව උදෑසන 10.30 සිට අපනයන සංවර්ධන පනත යටතේ සෙස් බද්දට අදාල නියෝග, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන බදු පනත යටතේ නියෝගයක්, විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ නියමයන් 8 ක් නියමිතව ඇත.
එසේම පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ ආනයන හා අපනයන පාලන යටතේ රෙගුලාසි තුනක් සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පනත යටතේ, නියෝග විවාද කිරීමෙන් අනතුරුව ද සම්මත කර ගැනීමට නියමිත බවයි.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් විපක්ෂය විසින් ගෙනෙන සභාව කල් තැබීමේ යෝජනාවට අනුව විවාදය හෙට (10) පැවැත්වෙන අතර අනිද්දා (11) ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
322 Views
Comments