හිජාස් හිස්බුල්ලාට එරෙහිව බොරු සාක්ෂි ගොනු කළ බවට පෙත්සම් හතරක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගෙන නීතීඥ හිජාස් හිස්බුල්ලාට එරෙහිව පාපොච්චාරණය කිරීමට බල කළ බවට චෝදනා කරමින් වයස අවුරුදු 14 ට අඩු ළමුන් හතර දෙනෙකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාග කිරීමට ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.
ඒ මුර්දු ප්‍රනාන්දු, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ඒ. එම්. ඩී. නවාස් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේයි.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජෙෆ් අලගරත්නම්, ජනාධිපති නීතිඥ ෆර්මන් කැසිම්, නීතිඥ ශාන්ත ජයවර්ධන සහ නීතිඥ නුවන් බෝපගේ යන මහත්වරු පෙනී සිටිනු ඇත.
නීතීඥ හිජාස් හිස්බුල්ලාගේ ඡායාරූප පෙන්වමින් තමන්ට ආයුධ පුහුණුව ලබාදුන් පුද්ගලයා ඔහුදැයි හඳුනා ගන්නා ලෙස දන්වා අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීමට තමන්ට බල කළ බවට ද අදාල ළමුන් චෝදනා කරන බව නීතිඥවරුන් පවසා ඇත.
265 Views
Comments