විදුලිබල මණ්ඩලයේ වැටුප් ගෙවීමේ අක්‍රමිකතා රැසක්

2020 සහ 21 වර්ෂ වලදී අමාත්‍ය මණ්ඩලය තීරණයට සහ කළමනාකරණ සේවා චක්‍රලේඛ විධිවිධාන වලට පටහැනිව ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින් සඳහා විවිධ කාර්ය මණ්ඩල දීමනා වශයෙන් රුපියල් කෝටි 367 ක මුදලක් ගෙවා තිබෙන බව ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
2020 වර්ෂයේ දී රුපියල් කෝටි 154 ක් ද 2021 වර්ෂයේ දී කෝටි 213 ක් ද මෙසේ කාර්ය මණ්ඩල දීමනා වශයෙන් නීතියට පටහැනි ලෙස ලබාදී තිබෙන බව වාර්තා වේ.
අධ්‍යක්ෂ මණ්ඩල තීරණ වලට පටහැනිව ගෙවා තිබූ මෙම දීමනා ඔවුන්ගේ වැටුපෙන් 65% ඉක්මවා ඇති බව ජාතික විගණන කාර්යාලය සඳහන් කර සිටී.
298 Views
Comments