ඉල්ලූ සැනින් උත්තරපත්‍ර බලන්න ස්ටාලින් සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

ඉල්ලූ සැනින් උත්තරපත්‍ර බලන්න ස්ටාලින් සූදානම්

ඉල්ලූ සැනින් උත්තරපත්‍ර බලන්න ස්ටාලින් සූදානම්

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ඕනෑම මොහොතක ආරම්භ කිරීමට සූදානම් බව ලංකා ගුරු සංගමය පවසා සිටී.

 

ඒ සඳහා මේ වන විට ගුරුවරුන් 12,000 ක් කැමැත්ත පළ කර ඇති බව එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පෙන්වාදෙයි.

 

කෙසේ වෙතත් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැති බවද සඳහන් වේ.

 

ඒ පිළිබඳ අවසන් සාකච්ඡාව විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සහභාගිත්වයෙන් හෙට පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
 

views

248 Views

Comments

arrow-up