අවිස්සාවේල්ලේදී මහ වැසි මැද බස් - ත්‍රීරෝද රථ ගැටුමක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

අවිස්සාවේල්ලේදී මහ වැසි මැද බස් - ත්‍රීරෝද රථ ගැටුමක්

අවිස්සාවේල්ලේදී මහ වැසි මැද බස් - ත්‍රීරෝද රථ ගැටුමක්

අද සවස අධික වර්ෂාවක් පැවති මොහොතේ අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ කරවනැල්ල ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කුඩා දරුවෙක් සහ කාන්තාවක් තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

 

මොවුන් කොළඹ ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් ආපසු එන විට විරුද්ධ දිසාවෙන් පැමිණි කෑගල්ලේ සිට අවිස්සාවේල්ල දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක ඔවුන් ගමන් ගත් ත්‍රීරෝද රථය ගැටී ඇත.

 

මෙම අනතුරෙන් තුවාල ලබා ඇත්තේ රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ සහ දරුවා බව සදහන් වේ.

 

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරුගේ මව ද ත්‍රීරෝද රථයේ සිට ඇති බව සඳහන් වේ.

 

මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ රුවන්වැල්ල පොලිසිය විසින් සිදු කෙරේ.
 

views

244 Views

Comments

arrow-up