අධික උණුසුමෙන් පීඩා විඳින සැමට සුබ ආරංචියක්

ශ්‍රී ලංකාවට නිරිතදිග මෝසම් සුළං අප්‍රේල්, මැයි යන කාල වකවානුවේ දී ආරම්භ වේ.
එම කාලයේ දී සුළඟේ වේගය ඉතා අඩු බැවින් අවට පරිසරයේ ජලවාෂ්ප ප්‍රමාණය ඉතා අධික වේ.
ජලවාෂ්ප හේතුවෙන් දහඩිය දැමීම සිදු නොවන නිසා මිනිස් ශරීරයේ උෂ්ණත්වය පරිසර උෂ්ණත්වයට වඩා වැඩි වේ.
මේ දින වල ඔබ අප මුහුණ දෙන අධික උණුසුම් තත්වයේ පසුබිම මෙයයි.
කෙසේ වුවත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය ශිරෝමණී ජයවර්ධන මහත්මිය පවසන පරිදි මැයි මාසයේ තුන්වන සතිය වන විට ලංකාවේ පවතින දැඩි උණුසුම් ස්වභාවය පහව යනු ඇත.
එතුමිය තවදුරටත් පැවසූ පරිදි එම කාලය වන විට නිරිත දිග මෝසම් සුළං ශ්‍රී ලංකාව හරහා ගලා යාම පටන් ගනු ඇති අතර, සුළං තත්වය සමග මෙම දැඩි උණුසුම්කාරී තත්වය පහව යනු ඇත.
339 Views
Comments