සමනල් පෙමට ලොබ බැඳ සිසුවෙකු හා පැටලෙන්න ගිය පූජකයා දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

සමනල් පෙමට ලොබ බැඳ සිසුවෙකු හා පැටලෙන්න ගිය පූජකයා දැලේ

සමනල් පෙමට ලොබ බැඳ සිසුවෙකු හා පැටලෙන්න ගිය පූජකයා දැලේ

සීදූව ප්‍රදේශයේ දේවස්ථානයක ප්‍රධාන දේවගැතිවරයෙකු විසින් පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකුට නිරුවත් වීඩියෝ ඇමතුම් ලබා ගන්නා ලෙස අයුතු ඉල්ලීම් කළ බවට පොලිසියට ලද පැමිණිල්ලක් හේතුවෙන් එම දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා ඇති බව වාර්තා වේ.

 

පාසල් සිසුවා මෙම දේවස්ථානයේ බැතිමතෙකු වන අතර වට්ස්ඇප් හරහා කිහිප අවස්ථාවකදී ඔහුට මෙසේ ඉල්ලීම් කළ බවට ලැබූ පැමිණිල්ලකට අනුව මෙම දේවගැතිවරයා සැකපිට සීදූව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

 

පසුව මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් නෙල්සන් කුමාරනායක මහතා හමුවට පමුණුවන ලද දේවගැතිවරයාව ලබන 28 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇති බව වාර්තා වේ.
 

views

269 Views

Comments

arrow-up