අවුරුදු 14 කට පසු මෙරටින් මැලේරියා මරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
24

අවුරුදු 14 කට පසු මෙරටින් මැලේරියා මරණයක්

අවුරුදු 14 කට පසු මෙරටින් මැලේරියා මරණයක්

පසුගිය 15 වනදා මැලේරියා රෝගයෙන් මෙලෙස මියගොස් ඇත්තේ බේරුවල චීන කොටුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙක් බව සඳහන් වේ.

 

මැණික් ව්‍යාපාරිකයෙකු වන මොහු ටැන්සානියාවට ගොස් අප්‍රේල් මස 10 වන දා යළි මෙරටට පැමිණ ඇති අතර, උණ රෝගය උත්සන්න වීම හේතුවෙන් පසුගිය 14 වැනිදා ඔහු කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත්ව තිබේ.

 

රෝහල් ගත වූ දිනට පසු දිනම එනම් 15 වන දා එම ව්‍යාපාරිකයා මිය ගොස් ඇති අතර, එහිදී සිදුකරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ, මෙම පුද්ගලයාට මැලේරියාව වැළඳී ඇති බවයි.

 

මෙම පුද්ගලයා මෙරටට පැමිණ සති දෙකක පමණ කාලයක් නිවසේ සිටීම නිසා ඔහුගේ නිවැසියන්ට සහ ප්‍රදේශවාසීන්ට ද රෝගය වැළඳී ඇත්ද යන්න සොයා බලන බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තමර කළුබෝවිල මහතා සඳහන් කර සිටියේය.

 

2009 වසරෙන් පසුව මෙරටින් මැලේරියා මරණයක් වාර්තා වී නොමැති අතර, 2016 වසරේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් බවට ප්‍රකාශයට පත් කර තිබේ.

 

ඇතැම් අවස්ථාවල විදේශගතව පැමිණෙන පුද්ගලයන් අතර මැලේරියා රෝගය වාර්තා වුවද මැලේරියා මරණයක් වාර්තා වූයේ වසර 14 කට පසුව බව සඳහන් වේ.
 

views

294 Views

Comments

arrow-up