අධික වර්ෂාවෙන් කඳුකරයේ වගා බිම් රැසක් විනාශයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

අධික වර්ෂාවෙන් කඳුකරයේ වගා බිම් රැසක් විනාශයි

අධික වර්ෂාවෙන් කඳුකරයේ වගා බිම් රැසක් විනාශයි

මේ දිනවල පවතින අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ බොහෝ ප්‍රදේශ වල වගා බිම් යටවී ඇති බව වාර්තා වේ.

 

කඳපොල, උඩුපුස්සැල්ලාව ආදී ප්‍රදේශ වල එළවළු වගා බිම් රැසක් මෙසේ ජලයෙන් යටවීම හේතුවෙන් එම වගා බිම්වල වගා කොට තිබූ බීට්රූට්, අර්තාපල්, නෝකෝල්, සලාද, මාළු මිරිස් ඇතුළු එළවලු වර්ග රැසක් විනාශයට පත්වී ඇති බව සඳහන් වේ.

 

මෙම වගාබිම් විනාශ වීම, විවිධ දුෂ්කරතා මධ්‍යයේ වගා කටයුතු වල නිරත වන ගොවීන්ට දැඩිව බලපාන කරුණක් වී තිබේ. අයහපත් කාලගුණය නිසා උඩුපුස්සැල්ලාව නුවරඑළිය මාර්ගය ද ජලයෙන් යට වී රථවාහන ගමනාගමනයට බාධා එල්ලව තිබූ බව වාර්තා වේ.

 

views

291 Views

Comments

arrow-up