2023 මැයි 02 - අද දවසේ කාලගුණ වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
02

2023 මැයි 02 - අද දවසේ කාලගුණ වාර්තාව

2023 මැයි 02 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, අද දවසේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ ඌව පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර, මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට මි. මී. 75 ට වැඩි තරමක් තද වැසි ද ඇති විය හැක.

 

බස්නාහිර සහ දකුණු පළාත් වල සහ යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්ක වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී ද වැසි ස්වල්පයක් ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං නිරිත දෙසින් හමා එන අතර සුළඟේ වේගය පැ. කි. මී. 25-35 පමණ වේ.

 

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළඟේ වේගය විටින් විට පැ. කි. මී. 45-50 දක්වා වැඩි විය හැක.

 

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ හෝ මද වශයෙන් රළු වේ.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ප්‍රධාන   නගර සදහා කාලගුණ අනාවැකිය                                                          
නගරය උෂ්ණත්වය (සෙඅංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 32 24 95 55 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මඩකලපුව 30 26 95 70 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
කොළඹ 32 25 95 70 වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ගාල්ල 31 26 95 75 වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
යාපනය 33 24 85 55 වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මහනුවර 31 21 95 65 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
නුවරඑළිය 22 14 95 80 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 33 23 95 65 වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 30 25 95 70 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
මන්නාරම 32 25 95 70 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ 
views

274 Views

Comments

arrow-up