2023 අප්‍රේල් 25 - අද දවසේ කාලගුණ වාර්තාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
25

2023 අප්‍රේල් 25 - අද දවසේ කාලගුණ වාර්තාව

2023 අප්‍රේල් 25 - අද දවසේ කාලගුණ වාර්තාව

ශ්‍රී ලංකාවේ කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය පවසන ආකාරයට, අද දවසේ සබරගමුව, මධ්‍යම, උතුරු මැද, ඌව සහ වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය සහ මුලතිවු දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

 

සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. 

 

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං ගිනිකොණ දිශාවෙන් හමා එන අතර සුළඟේ වේගය පැ. කි. මී. 20-30 පමණ වේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු දක්වා වේ.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

ප්‍රධාන  නගර සදහා කාලගුණ අනාවැකිය                                                         
නගරය උෂ්ණත්වය (සෙඅංශක) සාපේක්ෂ ආර්ද්‍රතාවය (%) කාලගුණය
උපරිම අවම උපරිම අවම
අනුරාධපුරය 34 24 90 55 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
මඩකලපුව 32 26 90 60 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
කොළඹ 32 27 90 65 සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
ගාල්ල 31 26 90 65 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
යාපනය 35 24 80 60 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
මහනුවර 32 22 95 65 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
නුවරඑළිය 20 12 95 80 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
රත්නපුරය 35 24 95 60 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
ත්‍රිකුණාමලය 36 26 90 50 සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
මන්නාරම 34 26 95 65 සවස 4.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක
views

213 Views

Comments

arrow-up