වේගයෙන් පැතිර යන කොරෝනා අලුත්ම උප ප්‍රභේදයක් දැන් ලංකාවේත්
විදේශගත ඔබට
Latest_News
calendar
APR
18

වේගයෙන් පැතිර යන කොරෝනා අලුත්ම උප ප්‍රභේදයක් දැන් ලංකාවේත්

වේගයෙන් පැතිර යන කොරෝනා අලුත්ම උප ප්‍රභේදයක් දැන් ලංකාවේත්

නව කොරෝනා වයිරස් උප ප්‍රභේදයක් වන, XBB. 1.16, එනම් Arcturus ප්‍රභේදය මේ වනවිට ශ්‍රී ලංකාව තුළද ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මෙය අධීක්ෂණ තත්වයේ පවතින නව ප්‍රභේදයක් ලෙසයි.


මෙම නව ප්‍රභේදය පැතිර යාම හේතුවෙන් ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශ වල නැවත කොවිඩ් නීති බලාත්මක කර ඇති බව සඳහන් වන අතර, මේ වන විට රටවල් 29 ක් තුළ Arcturus නම් මෙම උප ප්‍රභේදය පැතිර ගොස් තිබෙන බවද වාර්තා වේ.

 

නව කොරෝනා වයිරස් උප ප්‍රභේදය වන Arcturus යනු 2021 වසර අගභාගයේදී හඳුනාගත් කොවිඩ් උප ප්‍රභේදයක් වේ.

 

මෙය ඩෙල්ටා ප්‍රභේදය විසින් ප්‍රතිස්ථාපනය කරන ලද omicron ප්‍රභේදයේ, උප ප්‍රභේදයක් ලෙස හැඳින්වෙන අතර, දැනට මෙම ප්‍රභේදය හේතුවෙන් පසුගිය වසරේ පෙබරවාරි අග වන විට ලොව පුරා රෝගීන්ගෙන් 0.21% මියගොස් තිබෙන බවද වාර්තා වේ.

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වලට අනුව පසුගිය වසරේ මෙම උප ප්‍රභේදය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 3.96% දක්වා වර්ධනය වී තිබූ අතර ඉකුත් අප්‍රේල් 15 වන විට එම මරණ සංඛ්‍යාව 7.2% දක්වා විශාල අගයකින් ඉහළ ගොස් තිබේ.

 

ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටින්නේ අනෙක් කොරෝනා ප්‍රභේද වලට වඩා මෙම ප්‍රභේදය සීග්‍රයෙන් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවයි.

 

එමෙන්ම වෛරසයේ ලක්ෂණ වලට බලපෑම් කළ හැකි බරපතල ජානමය වෙනස්කම් මෙම නව උප ප්‍රභේදය මගින් ඇතිකළ හැකි අතර, Arcturus විකෘතිය, වඩාත් ඉක්මනින් පැතිර යා හැකි බව මේ සම්බන්ධයෙන් කළ පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

 

නමුත් මෙය දරුණු තත්ත්වයක් බවට අනතුරු ඇඟවීමක් සිදුකර නැති අතර, බ්‍රිතාන්‍යයේ ඊස්ට් ඇන්ග්ලියා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය පෝල් හන්ටර් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ, මෙය බොහෝ විට එක්සත් ජනපදයේ සහ යුරෝපයේ සහ ලොව පුරා බොහෝ රටවල පැතිර යන ප්‍රමුඛ ප්‍රභේදය බවට පත්වනු ඇති නමුත්, පසුගිය කාලයේ කොවිඩ් හේතුවෙන් සිදුවූ බරපතල හානියට සාපේක්ෂව දරුණු ආසාදන ඇති නොකරන බවයි.
 

views

264 Views

Comments

arrow-up