නිවාස සංවර්ධන අධිකාරියෙන් සැමට නිවාස
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

නිවාස සංවර්ධන අධිකාරියෙන් සැමට නිවාස

නිවාස සංවර්ධන අධිකාරියෙන් සැමට නිවාස

ස්ථීර නිවසක් නොමැති අඩු ආදායම් ලාභීන් වෙනුවෙන්  “ඔබට ගෙයක් - රටට හෙටක් නිවාස ආධාර ව්‍යාපෘතියේ නිවාස ඉදිකිරීම් කටයුතු වල 50% ක පමණ වැඩ අවසන්ව ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසා ඇත.

 

 

2021 වසරේදී නිවාස 12,231 ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 6,039 ක වැඩ මේ වනවිට අවසන් කර තිබේ.

 

 

මෙම ව්‍යාපෘතිය යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ පමණක් නිවාස 1,215 ක වැඩ ආරම්භ කර ඇති අතර ඉන් නිවාස 727 ක වැඩ අවසන්ව ඇත.

 

 

මීට අමතරව මිනුවන්ගොඩ ආසනය තුළද නිවාස 159 ක වැඩ ආරම්භ කර තිබෙන අතර ඉන් නිවාස 78 ක වැඩ අවසන් කර ඇති බව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සඳහන් කර තිබේ.

 

 

මහා භාණ්ඩාගාරය විසින් මීට පෙර වසර වලදී ආරම්භ කර නිම නොවූ ව්‍යාපෘති වල වැඩ අවසන් කිරීමට රුපියල් මිලියන 3,750 ක මුදලක් ලබා දී ඇති බවද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් පවසන ලදී.

 

 

එමගින් ග්‍රාමසේවා වසම් 14,022 ම ආවරණය වන පරිදි එක් ග්‍රාමසේවා වසමකට එක් නිවසක් බැගින් නිවාස 14,022 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

views

291 Views

Comments

arrow-up