රට රැකියා සිහින පෙන්වා ලක්ෂ 50ක් ගැරූ රොස්මිඩ් පෙදෙසේ ඒජන්සිකරුවෙකුට වැඩ වරදී

රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 15 දෙනකුට වැඩි පිරිසකගෙන් රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වංචා කළ බවට වරදකරු වූ කොළඹ 07, කුරුඳුවත්ත, රොස්මිඩ් පෙදෙසේ විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවෙකුට අද වසර 15 ක සිර දඬුවමක් නියම කරන ලද බව වාර්තා වේ.
ජපානයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන්ගෙන් මූල්‍ය වංචා සිදු කළ පුද්ගලයෙකු වූ මොහුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබාදී ඇති බව ද වාර්තා වේ.
දඩ මුදල නොගෙවන්නේ නම් මාස 6 බැගින් වසර හත හමාරක සිර දඬුවමක්ද අධිකරණය විසින් නියම කර ඇත.
නොම්බර 25 /27, ශ්‍රී විපුලසේන මාවත, මරදාන, කොළඹ 10 පදිංචි පුබුදු මනෝජ් රණවක පතිරණ හෙවත් රොෂාන් නැමති විදේශ රැකියා ඒජන්සි හිමිකරුවෙකුට මෙලෙස සිර දඬුවම් නියම වී ඇති බව සඳහන් වේ.
320 Views
Comments