කිරිතේ කෝප්පයටත් පාලන මිලක් ගැසට් කරන සූදානමක්

ඇතැම් ආපනශාලා වල රුපියල් 90 ක මිලට කිරිතේ ලබා නොදෙන බවට වාර්තා වීම සැලකිල්ලට ගනිමින් කිරි තේ කෝප්පයක මිල රුපියල් 90 ක් ලෙස ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආපනශාලා හිමියන්ගේ සංගමය ඊයේ (27) පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
කිරිපිටි මිල අඩු කිරීමත් සමග කිරි තේ කෝප්පයක මිල රුපියල් 90 දක්වා අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබූ නමුත්, මිල ගණන් අඩු කළ නොහැකි බව ආපනශාලා හිමියන් ප්‍රකාශ කර සිටී.
අඩු කළ මිලට ඇතැම් ආපනශාලා හිමියන් කිරි තේ ලබාදීමට කටයුතු නොකරන බවට ජනතාව ද චෝදනා කර සිටී.
මේ අතර සමාගම් අඩුකළ මිලට වඩා වැඩි ප්‍රමාණයකින් කිරිපිටි අඩු කිරීමේ හැකියාව පවතින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා ප්‍රකාශ කර සිටී.
230 Views
Comments