ඉන්දියාවෙන් බිත්තර ආනයනයට සියල්ල සූදානම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

ඉන්දියාවෙන් බිත්තර ආනයනයට සියල්ල සූදානම්

ඉන්දියාවෙන් බිත්තර ආනයනයට සියල්ල සූදානම්

ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත පළමු බිත්තර තොගය නැව්ගත කිරීම සඳහා සියලු කටයුතු සූදානම් බවට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කොට සිටී.

 

ඉන්දියාවේ තූත්තුකුඩි වරායේ සිට මෙම බිත්තර තොගය දිවයිනට රැගෙන ඒමට සැලසුම් කර තිබෙන අතර, බිත්තර තොගය ඊයේ (20) දිනයේ බහාලුම්ගත කිරීමට පියවර ගෙන තිබෙන බව ද වාර්තා වේ.

 


පළමු තොගය ලෙස බිත්තර මිලියන 02 ක් ආනයනය කිරීමට සැලසුම් කර තිබෙන බවද වාර්තා වන අතර, විවිධ හේතු නිසා මෙම බිත්තර ආනයනය ක්‍රියාවලියට අවස්ථා කිහිපයකදීම බාධා ද එල්ල විය.

 

ආනයනය කරනු ලබන මෙම බිත්තර බේකරි කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා  ලබාදීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කර සිටී.
 

views

251 Views

Comments

arrow-up