ප්‍රමාණවත් වැසි නොමැතිකමින් පොල්ගොල්ල ජලාශය සිඳී යයි

මේ දිනවල පොල්ගොල්ල ජලාශයේ පහළ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති අතර වියළි කාල සීමාවන්හි පමණක් දක්නට ලැබෙන එම දර්ශනය නැරඹීමට සහ දිය නෑමට විශාල පිරිසක් එහි පැමිණෙන බව වාර්තා වේ.
කඳුකරයේ ජලපෝෂක ප්‍රදේශ වලට ප්‍රමාණවත් වැසි නොලැබීම හේතුවෙන් ජලාශයේ ඉහළ කොටසේ ජලය ගබඩා කර ඇති අතර වාන්දොරටු වසාතැබීම නිසා ජලාශය ඉදිරිපස දැක බලාගැනීමට දෙස් විදෙස් බොහෝ පිරිස් එහි පැමිණීමට විශේෂ උනන්දුවක් දක්වන බව පෙනීයයි. ජලාශයේ ද්‍රෝණියේ තැන්පත් වී ඇති සුදු වැලි මෙම සංචාරකයන්ගේ ආකර්ෂණයට ප්‍රධාන හේතුවක් වී ඇති බව සඳහන් වේ.
195 Views
Comments