සියලු සෞඛ්‍ය වෘත්තීය සමිති හෙට වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව හෙට (08) වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර ඇත. ඒ ඉල්ලීම් පහක් මුල්කර ගනිමිනි.
අදාළ සේවාවන් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය ඖෂධ සහ සෞඛ්‍ය සේවයේ සියයට 15ක වැටුප් කප්පාදුවට අදාළ චක්‍රලේඛය අහෝසි කිරීම එම ඉල්ලීම් අතර වේ.
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා වැඩි දුරටත් පවසා සිටියේ , මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම් හෙට (08) උදෑසන 8.00 සිට පැය 24ක වැඩ වර්ජනයක් සිදු කරන බවයි.
තවද සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව ලිපියකට අත්සන් තබමින් සෞඛ්‍ය ලේකම්වරයාව ඊයේ දැනුවත් කළ බවද සභාපතිවරයා සඳහන් කළේය.
229 Views
Comments