හරක් කටා සහ කුඩු සලිඳුට මැඩගස්කරයේදී වැඩ වරදී

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන හරක් කටා සහ කුඩු සලිඳු නමැති අපරාධකරුවන් දෙදෙනා ඇතුළු හත් දෙනෙකු පසුගියදා මැඩගස්කර් ගුවන් තොටුපළේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරුවන් හත්දෙනා අතර කාන්තාවක්ද සිටින බවත් එරට ආරක්ෂක අංශ සඳහන් කර සිටී. අනෙක් සැකකරුවන් විවිධ අපරාධවලට සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ බව එරට ආරක්ෂක අංශ සදහන් වැඩි දුරටත් පවසා සිටී.
මෙම සැකකරුවන් විනෝදාස්වාදය සදහා මැඩගස්කරයේ ඇන්ටනානාරිවෝ ගුවන් තොටුපළට පැමිණ සිටියදී එරට ආගමන විගමන නිලධාරීන්ට හසුව ඇත.
නඳුන් චින්තක හෙවත් හරක් කටා නමැත්තා පසුගිය අගෝස්තු මාසයේදී ඩුබායි සිට ව්‍යාජ ගුවන් බලපත්‍රයකින් මැලේසියාවට විදෙස් ගතවීමට උත්සාහ දරා සිටියදී ඩුබායි ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
පසුව මෙම සැකකරු ගැන මෙරට ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබුණත් ඔහු මෙරටට ගෙන්වා ගැනීම මෙරට ආරක්ෂක අංශවල කඹ ඇදිල්ල නිසාම අසාර්ථක විය. පසුව ඩුබායි පොලිසිය විසින් හරක් කටා නමැත්තා නිදහස් කර තිබිණි.
මේ අතරින් තිදෙනකු පානදුර දී ගිලන් රථ රියැදුරකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු සහ ඊට සම්බන්ධ වූ අය බවට ද හඳුනාගෙන ඇත.
209 Views
Comments