යාපනේ පාසල් සිසුවෙකු විදුලි සැර වැදී මිය යයි

යාපනය, තෙලිප්පලෙයි - කටුවන්පුලම් ප්‍රදේශයේ දී සිය නිවස ඉදිරිපස මාර්ගයේ තිබූ කොහොඹ ගසක අතු කැපීමට ගිය අවස්ථාවේ මෙම පාසල් සිසුවාට විදුලි සැර වැදී ඇති බව පොලිසිය පවසා සිටී.
කොහොඹ අතු විදුලි රැහැනක ගැටීම හේතුවෙන් මෙලෙස සිසුවාට විදුලි සැර වැදී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 18 හැවිරිදි එස්. මදුෂන් නැමති පාසල් සිසුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් තෙලිප්පලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
269 Views
Comments