සැඟවී සිටින ලාදුරු රෝගීන් සොයා දිවයින පුරා මෙහෙයුම්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
07

සැඟවී සිටින ලාදුරු රෝගීන් සොයා දිවයින පුරා මෙහෙයුම්

සැඟවී සිටින ලාදුරු රෝගීන් සොයා දිවයින පුරා මෙහෙයුම්

දිවයින පුරා  ලාදුරු රෝගීන්  1200ක් පමණ සැඟවී සිටින බවට ඇස්තමේන්තු කර තිබෙන බව ජාතික ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර ඊයේ (06) පවසා සිටී.

 

ගෙයින් ගෙට ගොස් සැඟවී සිටින ලාදුරු රෝගීන් සොයා ගැනීමේ   පළමු අදියර මඩකලපුව දිස්ත්‍රික්කයෙන් ආරම්භ විය. එහි දෙවැනි අදියර කොළඹ දිස්ත්‍රික්කයෙන් පසුගිය 04 වැනිදා ආරම්භ විය.  එදින රෝගීන් දෙදෙනකු හඳුනා ගත් බවත් අධ්‍යක්ෂවරයා පවසා සිටී.

 

පසුගිය මාස දෙක තුළ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් තිදෙනකු පමණක් හඳුනාගෙන ඇති බවත් ඔවුන්  රෝග පරීක්ෂාව සඳහා ඉදිරිපත් නොවීම බරපතළ ගැටලුවක් බවට පත්ව තිබෙන බවත් වෛද්‍ය ප්‍රසාද් රණවීර පවසා සිටී.

 

රෝගය පිළිබඳව අවධානයෙන් බැහැරවීම, අඩු ආදායම්ලාභී පවුල්වල නොසැලකිල්ල කොළඹ දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගය පැතිර යෑමට බලපෑමක් බවත් ස්වේච්ඡා කණ්ඩායම් පුහුණු කර රෝගීන් හඳුනා ගැනීමට පියවර ගත් බවත් ඒ මහතා පවසා සිටී.

 

කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්ද මැදිනායක, කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය සේවා නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි වැඩ සටහන සඳහා එක්වී සිටී.

views

288 Views

Comments

arrow-up