පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වී තිබේ.
පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි අද සිට ලබන 10 වනදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
මෝටර් වාහන පනත යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍ර කිහිපයක ඇති නියෝග විවාදයට ගැනීමට අද නියමිත වී තිබේ.
අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ජනාධිපතිවරයා විසින් පනවන ලද ගැසට් පත්‍රයේ සදහන් නීතීන් විවාදයකින් තොරව සම්මත කර ගැනීමට නියමිත බව සන්නිවේදන දෙපාර්තමේන්තුව සදහන් කර සිටී.
"සර්ව ජන ඡන්ද බලය" පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය මාර්තු මස 9 සහ 10 යන දෙදින විවාදයට ගැනීමට නියමිතය.
209 Views
Comments