පේරාදෙණිය සරසවියට ඇතුළත් වන නවක සිසුන්ගේ මානසික මට්ටම පරීක්ෂා කිරීමට තීරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

පේරාදෙණිය සරසවියට ඇතුළත් වන නවක සිසුන්ගේ මානසික මට්ටම පරීක්ෂා කිරීමට තීරණයක්

පේරාදෙණිය සරසවියට ඇතුළත් වන නවක සිසුන්ගේ මානසික මට්ටම පරීක්ෂා කිරීමට තීරණයක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අලුතින් ඇතුළත් වන සියලුම සිසුන් මනෝවිශ්ලේෂණ වෛද්‍ය පර්යේෂණයකට යොමු කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර ඇත.

 

 

උපකුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනෙට් සභා ගර්භයේදී පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශයට පත්කොට ඇත.

 

නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා එහිදී සඳහන් කර ඇත්තේ  වෛද්‍ය පීඨයට සහ කළමනාකරණ පීඨයට ඇතුළත් කරගත් නවක සිසුන්ට සිදුකළ වෛද්‍ය පර්යේෂණයකදී සිසුන්ගෙන් 5% ක් මානසික ප්‍රතිකාර අවශ්‍ය තත්ත්වයේ පසුවන බව අනාවරණය වූ බවයි.

 

සිසුන් කිහිප දෙනෙකුගේම සියදිවි නසාගැනීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ඔහු පෙන්වා දී ඇත. 

 

 

තවද මනෝවිශ්ලේෂණ පර්යේෂණයෙන් පසු ප්‍රතිකාර අවශ්‍ය සිසුන්ට ප්‍රතිකාර ලබාදීමට සහ ක්‍රීඩා හා සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් ඇතුළු විෂය බාහිර ක්‍රියාකාරකම්වල යෙදීමට මංපෙත් විවර කරන බව එම මහාචාර්යවරුන් දෙපළ පවසා තිබේ.

views

215 Views

Comments

arrow-up