මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ සේප්පුවෙන් ලක්ෂ ගණනක් අතුරුදන්

මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේ සේප්පුවේ බහා තිබූ රුපියල් විසි දෙලක්ෂ හත්දහසක මුදලක් අතුරුදන්ව තිබෙන බව වාර්තා වේ.
එහි රෙජිස්ට්‍රාර්වරයා විසින් මාරවිල පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙන බව ද සඳහන් ය.
එම පැමිණිල්ලට අනුව පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති අතර, මූලික විමර්ශන වලදී හෙළිව ඇත්තේ සේප්පුව විවෘත කොට මෙම මුදල සොරා ගෙන ගොස් ඇති බවයි.
මේ සම්බන්ධයෙන් මේ වන විටත් සේප්පුව භාර ලිපිකරුගෙන් ප්‍රශ්න කොට ඇති අතර පොලිසිය සැක පල කරන්නේ මෙම කොල්ලය උසාවිය තුළ අයෙකු විසින්ම සිදු කොට ඇති බවයි.
මාරවිල පොලිසිය මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබෙන බව වාර්තා වේ.
312 Views
Comments