හොරණ - රත්නපුර මාර්ගයේ බස් රථයක් ගිනි ගනී
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
21

හොරණ - රත්නපුර මාර්ගයේ බස් රථයක් ගිනි ගනී

හොරණ - රත්නපුර මාර්ගයේ බස් රථයක් ගිනි ගනී

රත්නපුර සිට පානදුර දක්වා මගීන් රැගෙන යමින් තිබූ බස් රථයක් හොරණ රත්නපුර මාර්ගයේ, බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපය ඉදිරිපිටදී අද පෙරවරුවේ ගිනිගැනීමට ලක්ව ඇති බව වාර්තා වේ.

 

රථය ගිනිගැනීමට ලක් වන අවස්ථාවේ එහි මගීන් හතළිස් දෙනකු පමණ සිට ඇති අතර, ගින්න හට ගැනීමත් සමග ඔවුන් ඉන් පිටතට පැන දිවි බේරාගෙන ඇති බව සඳහන් වේ.

 

ගිනිගැනීමෙන් මෙම බස් රථයට දැඩි හානි සිදුවී ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

 

නගර සභාවේ ගිනි නිවන ඒකකය, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබූ අතර, බස් රථය ගිනිගැනීමත් සමග හොරණ රත්නපුර මාර්ගයේ බොරළුගොඩ  ප්‍රදේශයේ වාහන ගමනාගමනයට ද තරමක් බාධා ඇති වූ බව වාර්තා වේ.

views

312 Views

Comments

arrow-up