MAR
28
එකොළොස් වන වසරේ සිසුවියකට අතවර කළ රත්නපුරේ ප්‍රසිද්ධ ජාතික පාසලක විදුහල්පති දැලේ

රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රකට ජාතික පාසලක විදුහල්පතිවරයෙකු, එම පාසලේ එකොළොස් වන ශ්‍රේණියේ සිසුවියකට විදුහල තුළදී ලිංගික අතවර සහ බලහත්කාරකම් පෑම යන චෝදනා මත අත්අඩංගුව ගෙන ඇති බව වාර්තා වේ.
සැකකාර විදුහල්පතිවරයා මෙම සිසුවිය කාර්යාලයට ගෙන්වාගෙන අතවරය සිදුකර ඇති බවට පැමිණිලි ලැබුණු බව පොලිසිය සඳහන් කරන අතර, ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද බව සඳහන් කර සිටී.
210 Views
Comments