MAR
28
නාවක්කුඩාවේ රිය අනතුරකින් තරුණයෙකු මරුට

කල්මුණේ - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ නාවක්කුඩා ප්‍රදේශයේ ඊයේ (27) රාත්‍රියේ සිදු වූ අනතුරකින් 17 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ පොළොන්නරුව, සුංගාවිල ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලිසිය පවසා සිටී.
පාපැදියක ගමන් කරමින් සිටි මෙම තරුණයා අනතුරට ලක්ව ඇත්තේ පාපැදිය දකුණු පසට හැරවීමට යාමේදී, එම දිසාවෙන් පැමිණි වෑන් රථයක ගැටීමෙන් බව අනාවරණය වී තිබේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණයා මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බව වාර්තා වේ.
193 Views
Comments