මාස දෙකක් තුළ විදෙස් ඉන්ධන සමාගම් වලින් තුනක් ලංකාවේ වැඩ අල්ලන්න සියල්ල සූදානම්

මෙරට ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා අවසර හිමි වූ විදෙස් සමාගම් තුන ඉදිරි මාස 02 තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.
ඔහු පෙන්වා දෙන්නේ, අදාළ සමාගම් සමග ඉදිරි සති දෙක තුළ ගිවිසුම් ගතවීමට බලාපොරොත්තු වන බවය.
"මම හිතනවා ඉදිරි සති තුන ඇතුළත ගිවිසුම්ගත වීමක් සිදුවෙනවා කියලා. ඒ වගේම චීනයේ සිනෝපෙක්, ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්. එම්. පාක්ස් යන ආයතන තුන ඉල්ලීමක් කරලා තියෙනවා, කඩිනමින් මේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීම සඳහා අවසරය ලබාදෙන්න කියලා. ඒ අනුව ඉදිරි මාස 2ක තුළ ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු ආරම්භ වීමට නියමිතයි"
එක් සමාගමකට ඉන්ධන පිරවුම්හල් 200 බැගින් ලබාදීමට කටයුතු කරන බව ද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා එහිදී සඳහන් කළේය.
"ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව යටතේ, ඉන්ධන බෙදාහරින දැනට තියෙන පිරවුම්හල් ගත්තහම 1,142ක්. මේකෙන් පූර්ණ හිමිකම තියෙන්නේ ඛනිජතෙල් නීතිගත සංස්ථාවට පිරවුම්හල් 234 යි. ඉතුරු පිරවුම්හල් 908 තියෙන්නේ පෞද්ගලික බෙදුම්කරුවන්ට. පිරවුම්හල් 908න් 450ක් තමා අනෙක් සමාගම් තුනත් එක්ක කටයුතු කිරීමට යෝජනා කරන්නේ” යනුවෙන් ඔහු සඳහන් කළේය.
215 Views
Comments