මෙරට නිෂ්පාදිත ගිනි අවි සමග මොණරාගලදී සහ පදවියේදී දෙදෙනෙක් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
04

මෙරට නිෂ්පාදිත ගිනි අවි සමග මොණරාගලදී සහ පදවියේදී දෙදෙනෙක් අල්ලයි

මෙරට නිෂ්පාදිත ගිනි අවි සමග මොණරාගලදී සහ පදවියේදී දෙදෙනෙක් අල්ලයි

පල්ලේවෙලබැද්ද ප්‍රදේශයේදී ඊයේ මොණරාගල කොට්ඨාස විෂ මත්දුව්‍ය වැටලීම් ඒකකය විසින් සිදුකළ වැටලීමකදී ගිනි අවි නිෂ්පාදනය කළ වයස අවුරුදු 46 ක පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ප්‍රදේශයේ සිටින කම්මල්කරුවෙක් වන බවත්, ඔහු සන්තකයේ තිබී ගිනි අවි නිෂ්පාදනයට යොදා ගන්නා යකඩ බට 3 ක්, ගිනි අවි අච්චු 2 ක් සහ ගිනි අවි නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රැසක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි.

 

දඹගල්ල පොලිසිය විසින් සැකකරු අද දින සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

 

මේ අතර ඊයේ දින පදවිය පොලිසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී බෝගහවැව ප්‍රදේශයේ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබාගෙන සිටි බෝගහවැව ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 56 ක පුද්ගලයෙක් පදවිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ද අද දින කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පදවිය පොලිසිය සඳහන් කරයි.

views

228 Views

Comments

arrow-up