ATM කාඩ්පත් රැසක් ඉස්සූ සොරෙක් පිළියන්දලින් අල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

ATM කාඩ්පත් රැසක් ඉස්සූ සොරෙක් පිළියන්දලින් අල්ලයි

ATM කාඩ්පත් රැසක් ඉස්සූ සොරෙක් පිළියන්දලින් අල්ලයි

ATM කාඩ්පත් 15 කින් මුදල් වංචා කළ පුද්ගලයෙකු එම කාඩ්පත් සමග අත්අඩංගුවට ගෙන ඇත. ඔහු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි අයෙකි.

 

 

එම සැකකරු ATM යන්ත්‍ර වලින් මුදල් ලබාගැනීමට පැමිණෙන ඇතැම් පුද්ගලයින්ට මුදල් ලබා ගැනීම සඳහා සහය වන මුවාවෙන් ඔවුන්ගේ රහස් අංකය ලබා ගෙන ඇති බව පොලීසිය සඳහන් කර තිබේ.

 

 

එලෙස උදව් ලබාගත් පුද්ගලයින්ට මුදල් සමග සැකකරු සතුව තිබෙන ව්‍යාජ කාඩ්පතක් ලබාදී නිවැරදි කාඩ්පත සැකකරු සතුව තබා ගනිමින් පසුව මුදල් ලබාගැනීම සිදුකර ඇත.

 

 

පිළියන්දල, කොට්ටාව, දෙහිවල, මිරිහාන සහ මහරගම යන පොලිස් ස්ථාන වෙත ලැබුණු පැමිණිලි 50 ක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී ඊයේ (10) සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.

views

240 Views

Comments

arrow-up