අවුරුදු ටුවර් ප්ලෑන් ෆේස්බුක් දැම්මොත් වැඩ වරදී
විදේශගත ඔබට
Latest_News
calendar
APR
11

අවුරුදු ටුවර් ප්ලෑන් ෆේස්බුක් දැම්මොත් වැඩ වරදී

අවුරුදු ටුවර් ප්ලෑන් ෆේස්බුක් දැම්මොත් වැඩ වරදී

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමයේ සැලසුම් කර ඇති සංචාර වැනි ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලා වල පළ නොකරන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

 

 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ මෙම කාලය තුළ සංවිධානාත්මක අපරාධකරුවන්ට එවැනි තොරතුරු භාවිත කරමින් මංකොල්ලකෑම් සහ ගෙවල් බිඳීම් සිදු කළ හැකි බවයි.

 

 

නිවෙස් වලින් පිටව යන අයට තම සීසීටීවී කැමරා ක්‍රියාත්මක කරන ලෙසත් සොරකම් වැළැක්වීම සඳහා එම දර්ශන නිරන්තරයෙන් නිරීක්ෂණය කරන ලෙසත් ඔහු උපදෙස් දී තිබේ.

views

272 Views

Comments

arrow-up